කළුතර බෝධි භාරකාර අරමුදලේ පුස්තකාලය

බෝධි ඥාන පුස්තකාල සංකීර්ණය
බෝධි ඥාන පුස්තකාලය විවෘත කිරීමේ උත්සවය
පුස්තකාලය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වූ ජනමාධ්‍ය අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා මැතිතුමා

කළුතර බෝධි භාරකාර අරමුදලේ පුළුල් අරමුණ වන්නේ බුද්ධ ශාසනයේ ව්‍යාප්තිය සහ චිරස්ථිතිය වෙනුවෙන් කටයුතු කිරීමය. ආයතනික ස්වරූපයෙන් මෙය ඉටුකිරීම පිණිස ගත හැකි එක් ¥රදර්ශි මඟක් වූයේ පුස්තකාලයක් ආරම්භ කිරීම වූ අතර, ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කිරීමේ ප‍්‍රතිඵලය ලෙස 2008 වසරේදී පුස්තකාලයක් පිහිටුවනු ලැබීය.

මහායාන සංකල්පයක් ගුරු කොට ගනිමින් එය බෝධි ඥාන පුස්තකාලය ලෙස නම් කරනු ලැබිණි. මහායාන බුද්ධාගම අදහන පිරිස් විශ්වාස කරන පරිදි අවසාන විමුක්තිය හෙවත් නිවන සාක්ෂාත් කරගැනීමට කිසියම් කෙනෙකුට අවශ්‍ය වන්නේ නම් ඒ තැනැත්තා බුදුවරයකු බවට පත්වීම සඳහා වන මහා යානය උපයෝගී කරගත යුතුය. මෙය හීනයාන බුදුදහම අදහන පිරිස් විශ්වාස කරන ආකාරයට පටහැනි වන අතර, ඔවුන් විශ්වාස කරන ආකාරයට බුදුවරයකුට වඩා හීන හෙවත් අඩු මට්ටමක සිටින රහතුන් වහන්සේ නමකට හෝ තෙරණුවකට ‘හීන යානයක්’ මඟින් එම ප‍්‍රඥාලෝකය සාක්ෂාත් කරගැනීමේ මට්ටමටම ළඟා විය හැකි බවය.

පුස්තකාලය විවෘත කරන අවස්තාවේදී එහි විවිධ විෂයයන් පිළිබඳ පොත් සහ වාර ප‍්‍රකාශන 40,000ක් පමණ ප‍්‍රමාණයක් තිබිණි. පුස්තකාලයක් පරිහරණය කරන ආකාරය පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීම සඳහා වැඩසටහනක්ද ආරම්භ කෙරිණි. එහිදී පොත් පරිහරණය කරන අයුරු, ශබ්දකෝෂ භාවිතය, පොත් සොයාගන්නා ආකාරය සහ තවත් එවැනි කරුණු රැසක් කෙරෙහි අවධානය යොමු කෙරිණි. පුස්තකාලය පවත්වාගෙන යනු ලබන ‘තිළිණ’ නමැති ගොඩනැගිල්ල දානපතියකු විසින් පරිත්‍යාග කරන ලද ඉඩමක ඉදි කරන ලද අතර, ඉදිකිරීම සහ දැවභාණ්ඩ සඳහා රු. මිලියන 25ක් වැය විය.

මෙම ගොඩනැගිල්ලෙහි 250ක පිරිසකට ඉඩ පහසුකම් ඇති රැස්වීම් ශාලාවක්ද ඇති අතර ශාසනාරක්ෂක මණ්ඩලයේ රැස්වීම්, දහම් පාසල් හා සම්බන්ධ වැඩසටහන්, තරග, විභාග, සම්මාන ප‍්‍රදානයන්, සමාජ සේවා කි‍්‍රයාකාරකම්, පුහුණු වැඩසටහන් සහ තවත් එවැනි කටයුතු සඳහා එය යොදා ගැනෙයි.

මෙහි පැවැත්වෙන පුහුණු වැඩසටහන් අතර 6 ශ්‍රේණියේ සිට ඉහළ පංතිවල සිසු දරුදැරියන් සඳහා සතිපතා පැවැත්වෙන ඉංගී‍්‍රසි පංති මෙන්ම ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමඟ ඒකාබද්ධව දහම්පාසල් ගුරු මහත්ම මහත්මාවන් සඳහා පැවැත්වෙන ඩිප්ලෝමා සහතිකපත් පාඨමාලාවක්ද වෙයි. රජය විසින් සෑම ප‍්‍රදේශිය ලේකම් කාර්යාලයකටම පත් කරන ලද බෞද්ධ කටයුතු සම්බන්ධීකාරක නිලධාරීන් සඳහා කළමනාකරණ පුහුණු පාඨමාලාවක්ද 2010 පෙබරවාරි මාසයේදී පැවැත්විණි.