ශ්‍රී ලංකාව
කළුතර
ශ්‍රී ලංකාවේ බස්නාහිර වෙරළ තීරයේ සුන්දර මුහුදුබඩ නගරයක් වන කළුතර වඩාත් ප‍්‍රකටව ඇත්තේ එහි ඇති සුවිසල් මනරම් වෙරළ තීරය නිසාය. දිවයිනේ අගනගරය වන කොළඹින් ආසන්න වශයෙන් කිලෝමීටර් 43ක් පමණ දකුණු දෙසට වන්නට පිහිටා ඇති කළුතර, මැංගුස් සහ විවිධ පන් සහ බට වර්ග වර්ණ රැසකින් සායම් යොදා තොප්පි, කූඩ සහ වෙනත් අත්කම් නිර්මාණය කෙරෙන කූඩ විවීමේ කර්මාන්තය සඳහාද ඉතා ප‍්‍රකටය.
එහෙත් ඒ සියල්ලටත් වඩා කළුතර ප‍්‍රකටව ඇත්තේ එහි බෝධිය, හෙවත් ත්‍සජමි රුකසටසදි් වෘක්ෂය රැකගනිමින්, පෝෂණය කරමින් සහ වන්දනාමාන කරමින් පවත්වා ගනු ලබන ආකාරය නිසාය. පාරමී දම් පුරමින් මනුෂ්‍යයෙකුට ලබාගත හැකි ඉහළම ආධ්‍යාත්මික සහ ඥානමය ජයග‍්‍රහණය හිමි කරගැනීම සඳහා වූ ගැඹුරු භාවනා සහ සමාධි සමාපත්තියේදී තමන් වහන්සේට සෙවණ සැලසීම සඳහා සුදුසු යැයි බුදුන් වහන්සේ විසින් තෝරාගනු ලැබූ නිසා එය පූජනීත්වයට පත් විය.
වර්ෂ 1505 සිට 1948 දක්වා වූ කාල පරිච්ෙඡ්දය තුළදී පිළිවෙළින් පෘතුගීසීන්, ලන්දේසීන් සහ බ්‍රිතාන්‍යන් විසින් දිවයින යටත් විජිතයක් බවට පත් කරනු ලැබීමත් සමඟ, 16 වැනි සියවසේදී පෘතුගීසීන් විසින් කළුතර බලකොටුවක් ඉදිකරනු ලැබිණි. පසු කලෙක මෙම පරිශ‍්‍රයේ කොටසක් වූ කඳු ගැටය මත බ්‍රිතාන්‍යන් විසින් සිය නියෝජිතයා සඳහා වාසස්ථානයක් ඉදි කරනු ලැබිණි.