අපේ ව්‍යුහය

කළුතර බෝධි භාරකාර අරමුදලේ පරිපාලනය සහ අරමුදල් සැපයීම මඟින් අපගේ මානව දයා කරුණා ගුණය හා බැඳුණු කටයුතු කළුතර බෝධි භාරකාර අරමුදල සහ කළුතර එය පිහිටා ඇති ස්ථානය වටා රැස් වළල්ලක් සේ විහිදුවාලයි. කළුතර යනු කොළඹ සිට දකුණු වෙරළ තීරය දිගේ පිහිටා ඇති සියලූ නගර වෙත යන ගමනේ යෙදෙන අය විසින් පසු කර යනු ලබන, සියලූ දෙනා චාරිත‍්‍රයක් ඉටු කිරීමට නැවතී යන ස්ථානයක් බවට පත්ව ඇති නගරයකි. ට‍්‍රක් රථ රියැදුරාගේ සිට පාපැදිකරුවා දක්වාත්, අති සුඛෝපභෝගී වාහනයේ සිට පදිකයා දක්වාත්, සියලූ තරාතිරම්වල ජනතාව සිය සංස්කෘතිය, ආගම හෝ ආර්ථික තත්ත්වය කිසිදු භේදයකින් තොරව යන එන ගමනේදී මඳක් නැවතී, මග දෙපස තබා ඇති කළුතර බෝධියේ පිං කැටවලට ප`ඩුරක් දමා යති.

කළුතර බෝධි භාරකාර අරමුදලේ වැඩ කටයුතු සඳහා සැබැවින්ම ඉතා වැදගත් වන සැලකිය යුතු ප‍්‍රමාණයේ ආධාර විවිධ පුද්ගලයින් විසින් ලබාදෙනු ලැබේ. එසේවූවද, කළුතර බෝධි භාරකාර අරමුදලේ මූලික කි‍්‍රයාකාරීත්වය සැබෑ ලෙසම අර්ථවත් වන්නේ මඟ දෙපස තබා ඇති පිංකැට ඔස්සේ මහජනතාව විසින් ලබාදෙනු ලබන සාමූහික දායකත්වයන් මඟිනි.

කළුතර බෝධි භාරකාර අරමුදලේ පරිපාලන සැකැස්මද එහි සාර්ථකත්වයට දායක වන මූලික සාධකයකි. භාරකරුවන් ලෙස කටයුතු කරන සියලූ දෙනා මුළුමනින්ම ගරු සේවා මටට්මක සිට දායකත්වය සපයන ව්‍යාපාරිකයන්, නීතිඥයින් සහ වෘත්තිකයින් වැනි සම්භාවනීය ගිහි පුද්ගලයින්ය. ඒ සෑම අයෙක්ම සමාජයේ තමන් මෙන්ම සිතන පතන ආකාරයේ සෙසු පිරිස් සමඟ සම්බන්ධතා ගොඩ නගාගන්නා අතර, ඔවුන්ද ඉන්පසු කළුතර බෝධි භාරකාර අරමුදලේ විශිෂ්ට මානවහිතවාදී කටයුතු සඳහා එක් කර ගනු ලැබේ. මෙමඟින් කළුතර බෝධි භාරකාර අරමුදලේ විවිධ ව්‍යාපෘතීන් සඳහා සහාය දක්වන වැදගත් උපකාරක සමූහයක් නිර්මාණය වෙයි. කළුතර බෝධි භාරකාර අරමුදලේ ප‍්‍රධාන ව්‍යාපෘති පිළිබඳ විස්තර මඟින් පෙනී යන පරිදි, කළුතර බෝධි භාරකාර අරමුදල කටයුතු කරන්නේ එහි සේවාලාභීන්ට ඵලදායී සහ කාර්යක්ෂම ලෙස පාලනය කරන ලද ප‍්‍රතිලාභ සැලසීමට කැප වන, වගකීමෙන් යුතු, පිළිගත් සංවිධාන සහ ආයතන සමඟ පමණි.

කළුතර බෝධි භාරකාර අරමුදල අද ශී‍්‍ර ලංකාවේ ඇති විශිෂ්ටතම පරිපාලනයකින් යුතු සහ වැඩිම පිළිගැනීමක් හිමි මානව සුබසාධන නියෝජිත ආයතන අතරින් එකකි. අප සමාජයේ දුගීදුප්පත් සහ කොන්වූ පිරිස් වෙත මෙහෙය, සුවය සහ සවිය සැපයීමේදී ඔවුන් කොතැන සිටින්නන්ද යන්න හෝ ඔවුන්ගේ ජාතිය හෝ වර්ගය කුමක්ද යන්න අදාළ නොවන සැබැවින්ම විවෘත ප‍්‍රතිපත්තියක් එය සතුව ඇත. නගාසිටුවීම අවශ්‍ය වන සියල්ලන්ට සහාය වීමට සහ සේවය සැලසී මටත්, සවිබලගැන්වීම ඔස්සේ ඔවුන්ට දෙපයින් නැගී සිටින්නට හැකියාව ලබාදීමටත් අවස්ථාව ලැබීම ගෞරවයක් කොට සලකන කළුතර බෝධි භාරකාර අරමුදල, වෙනසක් සහ ඵලදායීත්වයක් හිමි කරගත් ජීවිත ගත කරන අයගේ අභිමානය මුසු සතුට බෙදාහදාගන්නේ සුහද සිතිනි.

කළුතර බෝධියේ සභාපති අජත ද සොයිසා මහතා කර්යාලයේදී
කළුතර බෝධිය කර්යාලය තුල (උඩ හා යට)
බෝධියේදී රැඟුමක් ඉදිරිපත් කරන නැටුම් පාසලක දැරියන් පිරිසක්