සමාජ වැඩසටහන්

2004 දෙසැම්බර් 26 වැනිදා නිරිතදිග වෙරළ තීරය විනාශ කළ
සුනාමියේ සැඩ දිය රළ පහව යන අයුරු

බලපිටියේ ඉදි කරන ලද ශී‍්‍රමත් සිරිල් ද සොයිසා නිවාස සංකීර්ණය
කළුතර බෝධි භාරකාර මණ්ඩලය සුනාමියට ප‍්‍රතිචාර දැක්වූ අයුරු

සුනාමි ව්‍යසනයෙන් ‘පුනර්ජීවනය’ ලද පවුලක් බලපිටියේ පිහිටි
සිය නව නිවෙසේදී

සුනාමියෙන් පසු නිවාස

2004 දෙසැම්බර් 26 වැනිදා ශී‍්‍ර ලංකාවට එල්ල වූ සුනාමි ව්‍යසනයෙන් මිනිස් ජීවිත 35,000ක් පමණ විනාශ වූ අතර, 500,000ක පමණ විශාල පිරිසක් අවතැන් වූහ. සුනාමිය පැමිණෙන විට භාරකරුවන්ගේ රැස්වීමකට සහභාගි වෙමින් කළුතර රැඳී සිටි කළුතර බෝධි භාරකාර අරමුදලේ වත්මන් සභාපතිතුමාට ඒ සැඩ දිය රළ පහරේ ප‍්‍රචණ්ඩත්වය සජීවී ලෙසට අත්විඳින්නට ලැබිණි.

උඳුවප් (දෙසැම්බර්) මාසයේ පූර්ණ චන්ද්‍ර දිනය හෙවත් දුරුතු පෝය දිනය වූ 2004 දෙසැම්බර් 26 වැනිදා බෞද්ධයන්ට ආගමික වැදගත්කමකින් යුතු වූ දිනයක් විය. සාමාන්‍යයෙන් සෑම පොහොය දිනකම සිදු කෙරෙන පරිදි, කළුතර බෝධි භාරකාර අරමුදල විසින් ආගමික උත්සව සංවිධානය කර තිබුණු අතර, කළුතර බෝධිය වෙත පැමිණෙන බැතිමතුන් සඳහා ආහාර සහ වෙනත් පහසුකම් සූදානම් කර තිබිණි. සුනාමි ව්‍යසනය සිදුවීමෙන් පසු එම ආහාර සුනාමි විපත නිසා අසරණ වූ පිරිසට සහන සැලසීම සඳහා යොදා ගැනිණි. ඉතාම හදිසි අවශ්‍යතාවක් මෙමඟින් සපුරාලන අතරම, 1970 ගණන්වලදී රජය විසින් පවරාගෙන තිබුණු බලපිටියේ (ශ්‍රී ලංකාවේ දකුණුදිග වෙරළ තීරයේ) ද සොයිසා පරපුරට අයත් පාරම්පරික ඉඩම් නැවත භාවිතයට ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සැකසිණි. එය සාර්ථකව ඉටු කරගත හැකි වූ අතර, 2005 වසරේ ජූනි මාසයේදී කළුතර බෝධි භාරකාර අරමුදල මඟින් ද්විත්ව නිවාස ඒකක 44ක් සහ තනි නිවාස ඒකක හතක් සහිත නිවාස 51කින් සමන්විත සංකීර්ණයක් ඉදිකිරිමේ කටයුතු ඇරැඹිණි. මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 20ක සුවිසල් දායකත්වයක් ජර්මනියේ උර්සුලා බේයියර් මහත්මියගේ අනුග‍්‍රාහක පරිත්‍යාගය ඔස්සේ සැපයුණු අතර, මෙවැනි දැවැන්ත සහයෝගයක් ලබාගත හැකිවීම කළුතර බෝධි භාරකාර අරමුදලේ භාරකරුවන් ගොඩනගාගෙන තිබුණු පිළිගැනීම විදහා පාන්නකි.

සාමාන්‍යයෙන් ඒකපාර්ශවීය නොවන කළුතර බෝධි භාරකාර අරමුදලේ කි‍්‍රයාකාරීත්වය, සැමවිටම සහයෝගීතාවයෙන් සහ සාමූහිකත්වයෙන් යුතුව සිදු කෙරෙන්නකි. මෙම කටයුතුවලදී ආධාර ලැබිය යුතු පිරිස තෝරාගනු ලැබුවේ රජයේ නියෝජිත වූද සභාපතිතුමා විසිනි. නිවාස ව්‍යාපෘතියට අමතරව, සහන ද්‍රව්‍ය සැපයීම සහ උපදේශන සේවා යනාදිය ඔස්සේ සුනාමියෙන් විපතට පත් අයට ආධාර ලබාදීමට සහන ද්‍රව්‍ය සහ උපදේශන සේවා සැපයීම වැනි වෙනත් කි‍්‍රයාමාර්ගයන්ද ගනු ලැබිණි. විපතට පත් වූවන්ට සහාය ලබාදීම සඳහා කළුතර බෝධි භාරකාර අරමුදල විසින් අරමුදලක්ද පිහිටුවන ලද අතර, එයට දායක වීමට බැතිමතුන් සහ පරෝපකාරීන් විශාල පිරිසක් යොමු කරවමින් ආධාර ප‍්‍රමාණය පුළුල් කරගැනීමට කටයුතු කෙරිණි.

නිවාස ව්‍යාපෘතිය මානව දයාවෙන් යුතුව සිදු කරන ලද ප‍්‍රශංසනීය කටයුත්තක් වූ අතර, එය කළුතර බෝධි භාරකාර අරමුදලේ වංශකතාව තුළ මෙන්ම ශී‍්‍ර ලංකාවේ පෞද්ගලික අංශය විසින් සිදු කරන ලද මානුෂීය සත්කාරයන් අතරද විශේෂයෙන් කැපී පෙනෙන අයුරින් සටහන්ව පවතිනු ඇත.

සුනාමි ශිෂ්‍යත්ව අරමුදල

සුනාමියෙන් සිය දෙමාපියන් හෝ භාරකරුවන් අහිමි වූ සිසු දරුදැරියන් 25 දෙනෙකුට කළුතර බෝධි භාරකාර අරමුදල මඟින් ශිෂ්‍යත්ව පිරිනමනු ලබයි. ඔවුන්ගේ ඛේදජනක තත්ත්වය විසින් ඇති කරන ලද බරපතළ මානසික පීඩනය සමනය කිරීම මෙමඟින් ඔවුන්ගේ අනාගත ගමන් මඟ කෙරෙහි ඇති කරන ලද බලපෑම විය. ඔවුන්ගේ දෙමාපියන් සහ භාරකරුවන් අහිමි වීම නිසා ඔවුන්ට අවශ්‍ය සහාය සහ මූල්‍ය සවිය එක් වරම නැවතී යෑමෙන් අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යෑමට ඔවුන් තුළ පැවැති අපේක්ෂාවන් බිඳ වැටී තිබිණි.

එවැනි පසුබිමක් තුළ කළුතර බෝධි භාරකාර අරමුදල මඟින් පිරිනමන ලද ශිෂ්‍යත්ව උපකාරී කරගනිමින් සිය අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යමින් අනාගත අපේක්ෂාවන් සපුරාගැනීමට මෙම සිසු දරුදැරියන්ට හැකියාව ලැබිණි. මෙවැනි ඵලදායී සහ අර්ථවත් ආධාර ක‍්‍රමයක් අඛණ්ඩව පවත්වාගෙන යමින් මෙම දරුදැරියන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා සහාය සැපයීම සඳහා කළුතර බෝධි භාරකාර අරමුදල වෙත නිරතුරුව ආධාර ප‍්‍රදානයන්ද ලැබෙමින් තිබේ.

විශාඛා ළමා නිවාසය

මෙම නිවාසය අපගේ නිර්මාතෘවරයා වන ශී‍්‍රමත් සිරිල් ද සොයිසා මැතිතුමන්ගේ සංකල්පයකි. මව හෝ පියා පමණක් සිටින නිවෙස්වලින් හෝ පරිවාස කටයුතු සහ ළමා ආරක්ෂණ සේවාවන් පිළිබඳ කොමසාරිස්වරයා විසින් යොමු කරනු ලබන වයස අවුරුදු 18ට අඩු වයසේ ගැහැනු දරුවන් සඳහා මෙහි පිළිසරණ සැලසෙයි. සෑම දැරියක සඳහාම අනුග‍්‍රාහකයකු සොයා ගනු ලැබෙයි. ඒ සෑම අනුග‍්‍රාහකයකු විසින්ම මාසයකට ඇමෙරිකානු ඩොලර් 15 – 20 අතර මූල්‍ය දායකත්වයක් සපයනු ලබයි. මෙම මුදල් ආහාර, ඇඳුම් පැළඳුම් සහ සෙසු අවශ්‍යතා සඳහා උපයෝගී කරගැනෙයි. එයට අමතර වශයෙන් සෑම දැරියකටම රු. 1,000ක මාසික දීමනාවක් පිරිනමනු ලබන අතර, එය බැංකු ඉතුරුම් ගිණුමක තැන්පත් කෙරෙයි. ඔවුන් තරුණ වියට පත්ව නිවාසය හැර යන විට මෙම ඉතුරුම් ඔවුන් වෙත ලබාදෙනු ලැබේ.

අනුග‍්‍රාහකයා විසින් ලබාදෙනු ලබන දායකත්ව ප‍්‍රමාණය ඉක්මවා යන වියදම් කළුතර බෝධි භාරකාර අරමුදල වෙත ලැබෙන අරමුදල් මඟින් සපුරාලනු ලැබේ.

පසුකාලීනව රැකියා අවස්ථා සපයාගැනීමට හැකි වන පරිදි දැරියන්ගේ දැනුම වැඩිදියුණු කිරීම සඳහා කළුතර බෝධි භාරකාර අරමුදල විසින් ඉංගී‍්‍රසි භාෂා පංතිද පවත්වනු ලබන අතර, මැහුම් ගෙතුම් සහ යතුරු ලියනය වැනි ක්ෂේත‍්‍ර සම්බන්ධයෙන් හැකියාවක් සහ උනන්දුවක් දක්වන දැරියන් වෙනුවෙන් පුහුණු වැඩසටහන්ද හඳුන්වාදී ඇත.

 

ශ්‍රීමත් සිරිල් ද සොයිසා වැඩිහිටි නිවාසය

වියපත් සහ දුබල පිරිස්වල අවශ්‍යතා සපුරාලීමට රජය විසින් ඉටු කරනු ලබන කාර්යභාරයට සහාය දැක්වීම සඳහා වියපත් පිරිස් සඳහා හිසට සෙවණක් සැලසීම ඉතා වැදගත් අවශ්‍යතාවකි.

අපගේ නිර්මාතෘවරයා වන ශී‍්‍රමත් සිරිල් ද සොයිසා මැතිතුමන්ගේ පාරම්පරික මහගෙදර පිහිටා ඇත්තේ කළුතර නගරයෙන් කිලෝමීටර් 10ක් නැගෙනහිර දෙසට වන්නට මනරම් කඳුගැටයක් මතය. මෙම නිවෙස 1991 වසරේදී කළුතර බෝධි භාරකාර අරමුදලේ කළමනාකාරීත වය යටතට ගෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වන නිවාසයක් බවට පත් කරනු ලැබිණි. ඔවුන්ගේ ජීවිතයේ සැඳෑ සමය පුරාම ඔවුන්ට රැකවරණය සැලසීමේ වගකීම කළුතර බෝධි භාරකාර අරමුදල විසින් භාරගෙන ඇත.

කළුතර බෝධි භාරකාර අරමුදල විසින් බ්‍රේල් ක‍්‍රමයෙන් සකසන ලද
ධම්මපදයේ පිටපතක් දෘශ්‍ය ආබාධිතයන් සඳහා වන ශ්‍රි ලංකා
සමුළුව වෙත පිරිනමන ලද උත්සවයේදී සමුළුවේ දෘශ්‍ය ආබාධිත
කාන්තාවන් සඳහා වන ජාතික මණ්ඩලයේ සභාපතිනිය වන වයලට්
යකන්දාවල මහත්මිය, කළුතර බෝධියට රැස්ව පිටි පිරිසක් අමතන
අයුරු

ධම්මපදය බ්‍රේල් ක‍්‍රමයට

කළුතර බෝධි භාරකාර අරමුදල විසින් දියත් කරන ලද සුවිශේෂී වැදගත්කමකින් යුතු ව්‍යාපෘතියක් ලෙස 2002 වසරේදී ධම්මපදයේ බ්‍රේල් පිටපතක් සැකසීම හඳුන්වාදිය හැකිය. මේ සඳහා පසුබිම සැකසුණේ 1965 වසරේදී ප‍්‍රථම වරට වයලට් යකන්දාවල නමැති අන්ධ කාන්තාවක් පේරාදෙණියේ ශී‍්‍ර ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමත් සමඟය. සිය උපාධිය සඳහා ඉතිහාසය විෂයය හැදෑරූ ඇයට ගෞරව සාමාර්ථයක් හිමි විය. රත්මලාන අඳ ගොළු බිහිරි පාසලේ ගුරුවරියක ලෙස කටයුතු කළ වයලට් අද පී‍්‍රතිමත් ජීවිතයක් ගෙවන්නීය.

දෘශ්‍ය ආබාධිතයින් සඳහා වන ශ්‍රී ලංකා සමුළුව සමඟ සහයෝගීතාවයෙන් යුතුව ඇරැඹුණු මෙම ව්‍යාපෘතිය පාලි, සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ක්‍රියාත්මක කරනු ලැබිණි. බෝධි භාරකාර අරමුදලේ සාමාජිකයකුගේ සහ දෘශ්‍යාබාධිතයින් තිදෙනෙකුගේ දැඩි කැපවීම ඔස්සේ ගාථා 423ක් ආවරණය වන පරිදි ධම්මපදයේ වෙළුම් හයක් මේ වන විට බ්‍රේල් ක‍්‍රමයෙන් සම්පූර්ණ කර තිබේ.

බ්‍රේල් පරිගණක ඔස්සේ මෙම පිටපත් ශ්‍රි ලංකාවේ මුහුදු සීමාවෙන් එපිට එතෙර රටවලටද යැවීමට සමුළුව කටයුතු කරයි. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද තුන් සූත‍්‍රයද ආශිර්වාදය සහ රැකවරණය සලසන ගාථාපාඨ සහිත සෙත් පිරිත්ද සමඟ බ්‍රේල් ක‍්‍රමයෙන් පිටපත් කරනු ලැබිණි.

ආපදා සහනය

ස්වාභාවික ආපදාවක දැඩි බලපෑමට ලක්වූවන්ට සහාය වීම සඳහා ඕනෑම අවස්ථාවක ක්‍රියාත්මක වීමට සූදානමින් සිටින වැඩසටහනක් කළුතර බෝධි භාරකාර අරමුදල විසින් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබයි. ශී‍්‍ර ලංකාවේ ‘වියළි කලාපය’ ලෙස වෙන් කර හඳුනාගත හැකි ප‍්‍රදේශ වන හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ මෙන්ම පොළොන්නරුව සහ මැදිරිගිරිය දිස්ති‍්‍රක්කවලද නියඟයෙන් පීඩාවට පත් ජනතාවට වියළි සලාක පිරිනැමීම මෙමඟින් සිදු කරන ලද කටයුතු සඳහා දිය හැකි උදාහරණ කිහිපයකි.

කළුතරද වරින් වර ස්වාභාවික විපත්වලට ලක්වන දිස්ති‍්‍රක්කයක් වන අතර, ඒ අතරින් සාමාන්‍යයෙන් බහුල වශයෙන්ම ඇති වන්නේ ගංවතුර ප‍්‍රශ්නය වේ. මෙය සාමාන්‍යයෙන් සිදු වන්නේ විශේෂයෙන්ම නිරිතදිග මෝසම් වැසි සකි‍්‍රය වන කාල පරිච්ෙඡ්දයකදීය. එවැනි අවස්ථාවන්වලදී බලපෑමට ලක් වන ප‍්‍රදේශවලට ආධාර සපයන කළුතර බෝධි භාරකාර අරමුදල, ඇසෝසියේටඞ් මෝටර්වේස් ලිමිටඞ් වැනි වෙනත් ආයතන සමඟද සමීපව කටයුතු කරයි. කළුතර, ගල්පාත ප‍්‍රදේශයට ගංවතුර සහන ලබාදීම සඳහා එම ආයතනය කළුතර බෝධි භාරකාර අරමුදල සමඟ එක්ව කටයුතු කළේය.

කළුතර දිස්ති‍්‍රක්කයේ යටියන අගලවත්ත කාන්තා වැඩිහිටි නිවාසය

දානපතියකු විසින් පරිත්‍යාගශීලී ආධාරයක් ලෙස පිරිනමන ලද ඉඩමක 2001 වසරේ දෙසැම්බර් මාසයේදී යටියන අගලවත්ත කාන්තා වැඩිහිටි නිවාසය ආරම්භ කරනු ලැබිණි. ජීවිතයේ සැඳෑ සමය ගත කරන වැඩිහිටි කාන්තාවන්ට රැකවරණය සහ ආත්ම අභිමානයෙන් යුතුව ජීවිතය ගත කිරීමේ පහසුව මෙම නිවාසය මඟින් පිරිනැමෙයි.

මෙම නිවාසයේ එදිනෙදා කටයුතු පවත්වාගැනීම සඳහා ස්වේච්ඡුා පදනමින් ඉදිරිපත් වෙමින් වැදගත් කාර්යභාරයක් ඉටු කරන ප‍්‍රදේශයේ ජනතාවගේ හදවත් සහ සිත්සතන් ඇදබැඳ තබාගැනීමට සමත්ව තිබීම අතින්ද එය සුවිශේෂි වෙයි. නිවාසය වෙත දිනපතා පිරිනැමෙන ආහාර වේල් සියල්ල ප‍්‍රදේශයේ ජනතාව විසින් සංවිධානාත්මක ක‍්‍රමවේදයකට අනුව සපයනු ලබන අතර, එමඟින් සමාජය තුළ අනුන් වෙනුවෙන් කැපවීම සහ වගකීම පිළිබඳ හැඟීම වැඩිදියුණු කෙරෙන යහපත් සංස්කෘතියක් වෙනුවෙන් දායකත්වයක් සැපයෙයි.

නිවාසයේ නඩත්තුව සහ සමස්ත පාලනය කළුතර බෝධි භාරකාර අරමුදල විසින් අධීක්ෂණය කරනු ලබයි. මෙම නිවාසය පවත්වාගෙන යෑම සඳහා ප‍්‍රදේශයේ ජනතාවගෙන් ලැබෙන සහභාගීත්වය සහ සහයෝගය නිසාම එය බොහෝ අයගේ අවධානයට ලක්ව ඇති අතර, දේශීය මෙන්ම විදේශීය දානපතියන් සහ වෙනත් පිරිස් වෙතින් විවිධ ප‍්‍රසාදාත්මක ඇගයීම්ද එයට හිමිව ඇත.