කළුතර බෝධියේ ඉතිහාසය

කළුතර බෝධි වෘක්ෂය බිහි වූයේ ඉන්දියාවේ මධ්‍ය ප‍්‍රදේශයට අයත්බි හාරයේ බෝධි වෘක්ෂයේ :ත්‍සජමි රුකසටසදි්* අංකුරයක් වන, අනුරාධපුරයේ ජය ශී‍්‍ර මහා බෝධියේ (මාර පරාජය කොට බුද්ධත්වය ලැබීම සංකේතවත් කරන අති උතුම් ඇසතු රුක* අංකුරයකින් යැයි පිළිගැනෙයි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලැබුවේ මේ වෘක්ෂය පාමුල සමාපත්ති සුවයෙන් වැඩ සිටියදීය.

මේ වෘක්ෂයේ ඉතිහාස කතාව රසවත් එකකි. එය ඇරඹෙන්නේ බුද්ධගයාවේ ඇසතු රුකකිනි. එහි විහිද ගිය අතුපතර සෙවණේ සමාපත්ති භාවනා සුවයෙන් පසුවෙමින් සිටියදී සිද්ධාර්ථ ගෞතම කුමරු ප‍්‍රඥාලෝකය හෙවත් බුද්ධත්වය ලැබීමෙන් පසුව එය වන්දනාමානනීයත්වයෙන් පිදුම් ලබන මහා බෝධි වෘක්ෂයක් බවට පත්විය. සියවස් ගණනකට පසුව එම වෘක්ෂය ‘බුදුන් වහන්සේ පිළිබඳ ජීවමාන සංකේතයක් මෙන්ම පූජනීය වස්තුවක්’ බවටද පත් විය. බුදුන්වහන්සේ ජීවමානව වැඩ විසූ කාලයේදීම මේ ස්ථානය පුදබිමක් ලෙස සැලකිණි. පසු කලෙකදී එයට ගරු බුහුමන් පුදමින් වාර්ෂික පූජෝත්සවයක් පැවැත්වු ධර්මාශෝක අධිරාජයා බෝධි වෘක්ෂයට බැතිබරබව පළ කරමින් එය ගෞරව අවධානයට යොමු කිරීමට කටයුතු කළේය. මෙය තිස්සරක්ඛා නම් වූ ඔහුගේ එක් බිසවකගේ උදහසට හේතු වූ අතර, ඔහුගේ පාලන සමයේ දහ නව වැනි වසරේදී, ඇය අගබිසව තනතුරට පත්ව වසර තුනකට පසු, මුල් බෝධි වෘක්ෂයේ පොත්තට ‘මන්ඩු’ කටු ඇන එය එය විනාශ කර දැමීමට කටයුතු කළාය. එහෙත් එය නැවත දළු ලා වැඩුණු අතර, එහි බෝධිමන්ඩ නමින් විහාරයක් ඉදි කෙරිණි.

‘‘පුස්පියමිත‍්‍ර රජු ක්‍රිස්තු පූර්ව 2 වැනි සියවසේදී බුදුදහම තුරන්ක රදැමීමට කටයුතු කරමින් සිටි කාලය තුළදී ඔහු විසින් බුද්ධගයාවේ පිහිටි මුල් බෝධි වෘක්ෂය විනාශ කරන ලද අතර, ඒ වෙනුවට සිටුවන ලද, මුල් වෘක්ෂයේ අංකුරයක් යැයි සිතිය හැකි වෘක්ෂයද සසංක රජු විසින් 7 වැනි සියවසේදී විනාශ කර දමනු ලැබීය. අද බුද්ධගයාවේ වැඩෙන බෝධි වෘක්ෂය, කලින් පැවැති බෝධි වෘක්ෂය බොහෝසෙයින්වි යපත්ව වසර කිහිපයකට පෙර මිය ගිය පසුව බ්‍රිතාන්‍ය ජාතික පුරා විද්‍යාඥයකු විසින් 1881 වසරේදී රෝපණය කරන ලද්දකි. අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධියේ අංකුර හෙවත් එවැනි අංකුර යැයි විශ්වාස කෙරෙන බෝධි වෘක්ෂයන් ලෝකය පුරා බෞද්ධ රටවල පන්සල් පරිශ්‍රයන් තුළ ඇති අතර, ඒවා වන්දනාමාන කිරීම ප‍්‍රකට බෞද්ධ වත්පිළිවෙත්වල වැදගත් අංගයක් බවට පත්ව ඇත.’’ බී.එම්.බරුවා, ගයාව සහ බුද්ධගයාව, කල්කටාව. වෙළුම ෂ- 1931, වෙළුම ෂෂල 1934.

මුල් බෝධි වෘක්ෂයේ අංකුරයක් ශ්‍රී ලංකාවට වැඩම කරවන ලද්දේ ඉන්දියාවේ ධර්මාශෝක අධිරාජයාගේ දියණිය මෙන්ම මිහිඳු මහා තෙරනුවන් වහන්සේගේ නිවුන් සොයුරිය වූ සංඝමිත්තා තෙරණිය විසිනි. පාඨලීපුත්ත ප‍්‍රදේශය ඔස්සේ තාමලිට්ටි ප‍්‍රදේශයටත්, ඉන්පසුව ශ්‍රී ලංකාවේ උතුරු අන්තයේ පිහිටි දඹකොළ පටුන දක්වාත් ඒ තෙරණිය ගමන් කළේ තිවක්ක නැමැති ස්ථානයේ ද මඳකට රැඳෙමිනි. මේ අංකුරය දම්සෝ අධිරජුගේ අභිෂේකයෙන් 18 වැනි වසරේදී අනුරාධපුරයේ මහමෙව්නා උයනේ රෝපණය කෙරිණි. බිහාරයේ පැවැති මුල් බෝධි වෘක්ෂය විනාශ වූ බැවින්, ලොව පැරණිතම මෙන්ම ලිඛිත ඉතිහාසයක්ස හිත එකම බෝධි වෘක්ෂය අනුරාධපුරයේ ශී‍්‍ර මහා බෝධිය හෙවත් උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන බව ඓතිහාසික කරුණකි. බෝධි වෘක්ෂයේ ඉතිහාසය සම්භාව්‍ය බෝධි වංශයේ (බෝධි වෘක්ෂයේ ඉතිහාසය පිළිබඳව රචනා කරන ලද ග‍්‍රන්ථය* ඇතුළත්ව ඇත. බෝධි අංකුරයෙන් අෂ්ඨ ඵල හෙවත් බීජ ඇට අටක් හට ගත් බව එහි සඳහන් වෙයි. ඒවායෙන් සෑම ඵලයකින්ම හතරක් බැගින්, බෝධි අංකුර 32ක් හටගෙන ඇති බවද එහි සඳහන් වෙයි. මේ එක් එක් අංකුර රෝපණය කළ යුත්තේ කුමන ස්ථානවලදැයි මිහිඳු මහා තෙරනුවන් වහන්සේ විසින්ම වෙන් වෙන් වශයෙන් සඳහන් කර තිබිණි. ඒ සෑම ස්ථානයක් ගැනම බෝධි වංශයේ සඳහන්ව ඇත. 

එම ස්ථාන මෙසේය.