
ශ්‍රීමත් සිරිල් ද සොයිසා, වී. ටී. ද සොයිසා සහ චූලක ද සොයිසා ශිෂ්‍යත්ව අරමුදල
ශ‍්‍රීමත් සිරිල් දසොයිසා, වී. ටී. ද සොයිසා සහ චූලක ද සොයිසා අනුස්මරණය කරනු පිණිස පවුලේ සාමාජිකයින් විසින් 1996 නොවැම්බර් මාසයේදී මෙම අරමුදල අරඹා ඒ සඳහා මුදල් යොදවනු ලැබිණි. මෙහි අරමුණ වන්නේ දැඩි ආර්ථික දුෂ්කරතා සහිත තත්ත්වයන් හේතු කොටගෙන සිය මූලික සහ අත්‍යවශ්‍ය අවශ්‍යතාවක් වන අධ්‍යාපනය අහිමි කරගැනීමට ඉඩ ඇති දරුවන්ට අධ්‍යාපනය ලබාදීමය.
ප‍්‍රාථමික සහ ද්විතියික මට්ටම්වල සිසු දරුදැරියන් අතරින් තෝරාගත් පිරිස් සඳහා කළුතර බෝධි භාරකාර අරමුදල ඔස්සේ අඛණ්ඩව මූල්‍ය ආධාර පිරිනැමීම සිදු කෙරෙයි.
