
ශ්‍රීමත් සිරිල් ද සොයිසා සහ කළුතර බෝධි භාරකාර අරමුදල
කළුතර බෝධි භාරකාර අරමුදලෙහි නිර්මාතෘවර, ශී‍්‍රමත් සිරිල් ද සොයිසා මැතිතුමන්ගේ කතා පුවතද හිරු වියැකී යන තුරුම නිසැක ලෙසම නොනැසී පවතින සිහිවටනයකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දැවැන්තයෙකු වූ එතුමාගේ අසීමිත වූත්, විවිධ පැතිකඩ සහිත වූත් ජයග්‍රහණයක් නිසාම එතුමා සැබෑම විශිෂ්ට ලංකා පුත්‍රයකු ලෙස කැපී පෙනෙයි. සැබැවින්ම ආගම, දේශපාලනය, වාණිජ්‍ය කටයුතු මෙන්ම මානවදයාව යන සියලූ අංශවල එතුමන් ලද ජයග්‍රහණ වෙත ළඟාවිය හැකි අය විරලය.
ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමා 1896 ඔක්තෝබර් 26 වැනිදා ජන්ම ලාභය ලැබුවේ ප්‍රසිද්ධ නොතාරිස්වරයකු වූ සොලමන් ද සොයිසා සහ (ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයේ බලපිටිය ප්‍රදේශයේ) හැරියට් ද ආබෲ යුවළගේ දරුවන් පස් දෙනා අතරින් දෙවැන්නා ලෙසය. ඔහු මාතර සාන්ත තෝමස් විද්‍යාලය, ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය යන පාසල්වලින් අධ්‍යාපනය ලබා නීති විද්‍යාලයට බැඳුණේය.
තරුණයකු ලෙස, විවිධ අංශවල විශිෂ්ටත්වය සහ කැපවීම මෙන්ම නිසඟ හැකියාවන් පළ කළ ඔහු ඒ සියලූ අංශවලදී කැපී පෙනිණි. ඉතා දීප්තිමත් සහ විශ්වාසයෙන් යුතු අයෙකු වූ ඔහු කිසිවකට බිය වූවෙකුද නොවීය. ඔහු අභියෝගයන්ට බිය වූයේද නැත. සැබැවින්ම, ඔහු තමන් ඉදිරියේ ඇති ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානමින් සිටි අතර, අභියෝගය විශාල වන තරමටම ඔහු වඩ වඩාත් එඩිතර වූයේය. එහෙත් නිසඟ ආත්ම ශක්තියක් සහ නොසැළෙන ආත්ම විශ්වාසයක් ඔහු සතුව පැවතියද, ඔහු කිසිවිටෙකත් ආවේගශීලී හෝ උඩඟු පුද්ගලයකු වූයේ නැත. ඔහු අන් අයගේ සිත් දිනාගැනීමට අපූරු ලෙස සමත්කම් පෑ ඉතාම පි‍්‍රයශීලී චරිතයක් වූයේය.
ශ්‍රීමත් සිරිල් මැතිතුමන්ගේ ජයග්‍රහණ විවිධ සහ විචිත්‍ර විය. එතුමා විශිෂ්ට නීතිඥයෙකු, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ නයිට්වරයෙකු මෙන්ම පුරෝගාමී කර් මාන්තකැයෙකු වූයේය. පසු කලෙක ‘‘සවුත් වෙස්ටර්න්’’ බස් සමාගම බවට පත් වූ ස්වර්ණපාලී බස් සමාගමේ සභාපතිවරයා, විශාල ඉන්ධන පිරවුම්හල් දෙකක හිමිකරු, බලපිටිය සළුපිළි නිෂ්පාදකයයින්ගේ පුහුණු හා නිෂ්පාදන ඒකකයේ නිර්මාතෘ මෙන්ම එකිනෙකට සම්බන්ධිත සමූහ ව්‍යාපාර ගණනාවක් පිහිටුවමින් විශාල පිරිසකට රැකියා සැපයූ ‘‘ඇසෝසියේටඞ් මෝටර්වේස් ලිමිටඞ්’’ හි සභාපතිවරයා යනාදී වශයෙන් විවිධ ව්‍යාපාර කටයුතු හා එතුමා සම්බන්ධ වී සිටියේය.
ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති, අඳ ගොළු බිහිරි පිරිස් සඳහා වූ ජාතික මණ්ඩලයේ සභාපති, ක්ෂයරෝගය වැළැකීම සඳහා වූ හ්‍රී ලංකා ජාතික සංගමයේ සභාපති යනාදී විවිධ තනතුරු දැරූ ශ්‍රීමත් සිරිල් පුද්ගල කළමනාකරණය පිළිබඳ ආයතනයේ නිර්මාතෘවරයා මෙන්ම, පිරිමි ළමුන් සඳහා වූ පාසලක් ලෙස ඇරඹි කළුතර විද්‍යාලයේ සහ ගැහැනු ළමුන් සඳහා වූ පාසලක් ලෙස ඇරැඹි කළුතර බාලිකා විද්‍යාලයේ නිර්මාතෘවරයාද විය. එතුමා වර්ෂ 1960 සිට 1978 වසරේදී මිය යන තුරුම ආසන්න වශයෙන් වසර 19ක් තරුණ බෞද්ධ සංගමයේ සභාපතිතුමන් ලෙසද කටයුතු කළේය. එතුමා වර්ෂ 1955 සිට 1961 දක්වා පාර්ලිමේන්තුවේ ඉහළ සභාවේ උත්තර මන්තී‍්‍ර මණ්ඩලයේ සභාපතිවරයාද විය.
බොහෝ අයගේ අවධානයෙන් බැහැර වෙමින් පැවැති ලන්ඩන් බෞද්ධ විහාරය යළි නගා සිටුවීමටද ශ්‍රීමත් සිරිල් කටයුතු කළේය. ලන්ඩනයේ ඔවින්ටන් උද්‍යානයේ සිව් මහල් ගොඩනැගිල්ලක් වසර දහයක බද්දට ලබාගනිමින් ඒ සඳහා අවශ්‍ය කටයුතු එතුමන් විසින් ආරම්භ කරන ලද අතර, 1954 වසරේ වෙසක් සමය සඳහා විහාරය විවෘත කෙරිණි. මුළු වසර දහය සඳහාම ගෙවිය යුතු වූ පවුම් 700.00ක වාර්ෂික කුලී වටිනාකම ශ්‍රීමත් සිරිල් විසින්ම දරනු ලැබීය. අනගාරික ධර්මපාලතුමන් විසින් දියත් කරන ලද බෞද්ධ පුනර්ජීවනය ඔස්සේ මෙරට පොදු ජනතාව තුළ විශාල පිබිදීමක් ඇති වූ අතර, 1956 වසරේ සිදු වූ සංස්කෘතික පෙරළියේදී මෙය උච්ඡුස්ථානයකට පත් විය. එම පසුබිම තුළ ශී‍්‍රමත් සිරිල් ද මහත් සේ පිබිදුණු සිතින් යුතුව එම යුගයේ පරමාදර්ශයන් ඉදිරියට ගෙන යෑමට ක්‍රීයාකාරි ලෙස දායක විය.
ශ්‍රීමත් සිරිල් විසින් සිය ජීවිත කාලය තුළදී හිමි කරගත් ජයග්‍රහණ එතුමන් උපන් දේශයෙහි සදා කල් නොමැකෙන සේ සටහන් විය. එතුමන්ගේ විශිෂ්ට කාර්යභාරය නිසැකවම මතු පරම්පරා ගණනකට දැනෙනු ඇත. එතුමන්ගේ සියලූ ජයග්‍රහණ අතරින් ඉහළම තැන හිමි වන්නේ සුන්දර කළු ගඟ අද්දර දර්ශනීය චෛත්‍යයක් ඉදි කරමින් කළුතර බෝධිය ප්‍රතිසංස්කරණය කර රැකගැනීමට කටයුතු කිරීම උදෙසා කරන ලද මෙහෙවරට යැයි සිතිය හැකිය.
කළුතර බෝධිය
ශ්‍රීමත් සිරිල් මැතිතුමා සහ කළුතර බෝධිය අතර සබඳතාව ඇරැඹෙන්නේ එතුමා කළුතර නීතිඥ මණ්ඩලයේ වැඩ කටයුතු කරමින් සිටි කාලයේ සිටමය. කලක් තිස්සේ බොහෝ බැතිමතුන්ගේ බුහුමනට පාත්රව පැවැති බෝධීන් වහන්සේ සහ බෝධි පරිශ්‍රය බොහෝ අයගේ අවධානයෙන් ගිලිහී ගොස් පත්ව ඇති ඛේදජනක තත්ත්වය පිළිබඳව ශ්‍රීමත් සිරිල් මැතිතුමන්ව මුලින්ම දැනුවත් කරනු ලැබුවේ දුම්රිය දෙපාර්තමේන්තුවට ගල්අඟරු සැපයූ සෙන්දනායක නමැති තැනැත්තෙකු විසිනි. උතුම් බෝධීන් වහන්සේ පාමුල පහනක් දල්වා මල්කි හිපයක් පූජා කිරීම සඳහා සෙන්දනායක විසින් ඒ වන විට බ්‍රිතාන්‍ය රජයේ නියෝජිතයාට වාර්ෂිකව රුපියලක් තරම් ඉහළ මුදලක් ගෙවමින් සිට ඇත. ඒ හෙළිදරව්වෙන් පසුව, එතෙක් සෙන්දනායක අත පැවැති තනි පහන් සිළ ශ්‍රීමත් සිරිල් මැතිතුමන් අත නොනිවෙන ආලෝකයක් බවට විහිදී පැතිරී ගියේය.
කළුතර බෝධිය යනු කළුතර ප්‍රදේශයේ ඇති වඩාත්ම ඉපැරණි ඉතිහාසයක් හිමි බෞද්ධ සංකේතයකි. උතුම් බෝධිය වැඩ සිටින්නේ පූජනීය බෝධි පරිශ්‍රයේ ඉහළ භූමි කොටස හෙවත් උඩ මළුවේය. යටත්විජිත පාලන සමයේදී මෙම ස්ථානය වෙන් වෙන් කොටස් දෙකකට ඛෙදා වෙන් කෙරෙන පරිදි උඩ මළුව සහ පහත මළුව අතරින් ගාලූ පාර ඉදි කරනු ලැබිණි.
බෝධි පරිශ්‍රය තුළම ආණ්ඩුවේ ඒජන්ත කාර්යාලයද පිහිටා තිබුණු අතර, එමඟින් බෝධිය වැඳපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ට මෙන්ම රජයට සම්බන්ධ සේවාවන් ලබාගැනීමට පැමිණෙන පොදු ජනතාවටද අපහසුතාවන් ඇති විය. ඒ පිළිබඳව සැලකිල්ල යොමු කරමින් බෝධි පරිශ්‍රයේ සංවර්ධන සහ ප්‍රතිසංස්කරණ කටයුතුවලට ඉඩ සැලසෙන පරිදි ආණ්ඩුවේ ඒජන්ත කාර්යාලය වෙනත් ස්ථානයකට ගෙන යෑමට රජය එකඟ කරවා ගැනීමට ශ්‍රීමත් සිරිල් සමත් විය.
සිය අධිෂ්ඨානශීලී සැලසුම සඳහා පරිශ්‍රය නිදහස් කරගත් ශී‍්‍රමත් සිරිල් දැඩි පරිශ්‍රමයක් සහ කාර්යශ+රත්වයක් පළ කරමින් දාගැබක් ඉදිකිරීම සඳහා අවශ්‍ය සැලසුම් කි‍්‍රයාත්මක කළේය. එවක ඉතා ප්‍රකට ඉංජිනේරුවකු ව සිටි ආචාර්ය ඒ. එන්. එස්. කුලසිංහ මහතාගෙන් උපදෙස් ලබාගනිමින් නව ලොව ඉංජිනේරු විස්කමක් සඳහා සැලසුම් සටහන් සකසනු ලැබිණි.
කලින් පීඩන තෙරපුම් තත්ත්වයන්ට ඔරොත්තු දෙන සේ සැකසූ කොනක්‍රීට් රාමුවක් මත ඉදි කරන ලද චෛත්‍යය විෂ්කම්භය අඩි 95කින් සහ වට ප්‍රමාණය අඩි 300කින් යුතු විය. මේ දැවැන්ත නිර්මාණය සඳහා අත්තිවාරම 1964 වසරේදී දමන ලද අතර, වසර දහයක් පුරා සිදුු කරන ලද ඉදිකිරීම් කටයුතුවලින් අනතුරුව 1974 වසරේ ජනවාරි මාසයේදී චෛත්‍යයේ කොත සවි කරනු ලැබිණි.
කොත් වහන්සේ නිරාවරණය කර ඇතුළත ගැබ තුළ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම 1980 පෙබරවාරි 28 වැනිදා සිදු කරනු ලැබිණි. අද මේ විභූතිමත් නිර්මාණය කළුතර නගරයට පිවිසෙන ද්වාරය සේ සුවිසල්ව සහ විරාජමානව නැගී සිටියි.
කළුතර බෝධි භාරකාර අරමුදල
චෛත්‍ය ඉදිකිරීමත් සමඟ සිය ප්‍රථම අභිලාෂය සපුරා ගත් ශ්‍රීමත් සිරිල් මැතිතුමාගේ ඊළඟ අරමුණ වූයේ එහි දිගුකාලීන තිරසාරත්වය සහතික කිරීමය. එක් අතකින් කළුතර බෝධියේ නඩත්තු කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන අතර, අනෙක් අතින් මානවහිතවාදී සේවා කටයුතු සඳහා අරමුදල් සැපයීම සඳහා දෙවැදෑරුම් යාන්ත්‍රණයක් ලෙස කළුතර බෝධි භාරකාර අරමුදල ආරම්භ කරනු ලැබිණි.
ගාලූ පාර අයිනේ බෝධි පරිශ්‍රයට මායිම්ව තබා ඇති පිංකැටවලට ඒ අසලින් යන එන ජනතාව විසින් පූජා කරනු ලබන ආධාර මඟින් ප්‍රධාන වශයෙන් ලැඛෙන අරමුදල් කළුතර බෝධි භාරකාර අරමුදල මඟින් පරිපාලනය කරනු ලබයි. මේ අරමුදල්වලින් කොටසක් පරිශ්‍රය තුළ ඇති ගොඩනැගිලි සහ නිර්මාණ නඩත්තුව සඳහා යොදා ගැනෙන නමුදු වැඩි අරමුදල් ප්‍රමාණයක් යෙද වෙන්නේ පුණ්‍යමය සහ සමාජ සත්කාරක කටයුතු සඳහාය.
කළුතර බෝධිය නගාසිටුවීම ශ්‍රීමත් සිරිල් මැතිතුමාගේ ප්‍රධානතම කාර්යභාරය වූයේ යැයි සිතිය හැකි නමුදු ඔහුගේ සෙසු මානවහිතවාදී කටයුතු සහ බෞද්ධ සංස්කෘතිය වැඩිදියුණු කිරීම උදෙසා කළ වැඩ කටයුතු නොසලකා හැරිය නොහැකිය. ඒ අතරින් කිහිපයක් මෙහිලා සඳහන් කළ හැකි අතර, කොළඹ කොටුවේ තරුණ බෞද්ධ සංගම් මන්දිරය ගොඩනැගීම සඳහා අරමුදල් සපයාගැනීමට ඔහු ඉතා වැදගත් වැඩ කොටසක් ඉටු කළේය. කිරි වෙහෙර චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ සමිතිය පිහිටුවීම මඟින් කතරගම පුදබිමට දැඩි සේ අවශ්‍යව පැවැති නව මුහුණුවරක් ලබාදීම සහ විභුතිමත් කිරි වෙහෙර චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු උදෙසාද එතුමා දායක විය.
කතරගම නගරයේ සුප්‍රකට පෙරහැර පැවැත්වෙන කාලය අතරතුරදී නගරයට රොක් වන බැතිමතුන් දහස් ගණනක් සඳහා නවාතැන් හිඟයක් පැවැති බැවින් කතරගමට සුවපහසු වන්දනා ගිමන්හළක් ලබාදීමටද එතුමන් කටයුතු කළේය. මෙහිලා ශ්‍රීමත් සිරිල් මැතිතුමන් විසින් ඉටු කරන ලද කාර්යභාරය පිළිබඳ ගලෙහි කෙටූ සටහනක් සහිතව එතුමන්ගේ පිළිරුවක් කතරගම පරිශ්‍රයේදී පසුගියදා සවි කරනු ලැබිණි. ශී‍්‍රමත් සිරිල්ගේ පිළිරුව බෝධි පරිශ්‍රය තුළ සවිකිරීම සඳහා වූ වියදම ශී‍්‍රමත් සිරිල්ගේ ඥාතීන් විසින් දැරුවාක් මෙන්, එතුමාගේ පිළිරුව කතරගම සවිකිරීම සඳහා වූ වියදම කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ සභාපති අජිත ද සොයිසා මැතිතුමා විසින් දරන ලදී.


ශ්‍රීමත් සිරිල් මැතිතුමා තරුණ බෞද්ධ සංගමයේ උප සභාපතිවරයා ලෙස (පසුව වසර 19ක් පුරා වැඩිම කාලයක් සභාපතිවරයා ලෙසද) කටයුතු කළ අතර, එහිදී සමාජ අධ්‍යාපන හා සෞඛ්‍ය හා බැඳුණ බහුවිධ වැඩසටහන් ආරම්භ කිරීමට එතුමා නොබියව පියවර ගත්තේය. තමන් කළ ඕනෑම කටයුත්තකදී අඛණ්ඩතාව සහ තිරසාරත්වය පිළිබඳව ශ්‍රීමත් සිරිල් මැතිතුමා සැමවිටම සැලකිලිමත් වූයේය. සිය සොහොයුරා වූ වී. ටී. ද සොයිසා තුළද සිය අරමුණට සහයෝගය ලබාදිය හැකි කැපවීම සහ හැකියාව සහිත සහකරුවෙකු සිටින බව එතුමා වටහා ගත්තේය. එදා ඔවුන් තුළ පැවැති සුවිශේෂතා සහ පාඩම් අද වන විට එතුමන්ගේ සොහොයුරාගේ පුතුන් වන අජිත සහ තිලක් හරහා මතු පරපුර වෙතටද දායාද වී ඇත. සිය මහප්පා වූ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමන්ගේ අති සුවිශේෂී වංශකතාව දැන් ඉදිරියට රැගෙන යමින් සිටින්නේ ඔවුන්ය.