සුව සේවා අරමුදල
සුව සේවා සහ වෙනත් ආකාරයේ සහායයන් අවශ්‍ය වන අයට සහනය සැලසීම සඳහා කළුතර බෝධි භාරකාර අරමුදල විසින් අනුග‍්‍රාහකත්වය සපයන ප‍්‍රජා සේවා ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කෙරෙයි. කළුතර බෝධි භාරකාර අරමුදලේ වත්මන් සභාපතිතුමා සහ එතුමන්ගේ සමීප හිතවතුන් වෙතින් පිරිනැමුණු රු. මිලියන 14ක දායක මුදලකින් අරඹන ලද මෙම අරමුදල මහජන ආධාරවලින් ආදායම් සපුරාගනිමින් අඛණ්ඩව කි‍්‍රයාත්මක වන ව්‍යාපෘතියකි.
නිසි වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගැනීමට වියදම් දැරීමේ මඟක් නොමැති, බරපතළ ලෙස රෝගාතුරව සිටින්නන්ගේ දුක් වේදනාවන් දුරු කිරීමට එය කටයුතු කරයි. එහිදී සිදු කෙරන කටයුතු ඔස්සේ, අන් කිසිදු අයුරකින් දැරිය නොහැකි වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගැනීමේ හැකියාව ඉදිරියේදී තමන්ට ලැබෙනු ඇතැයි යන හැඟීම ලබාදීම මඟින් රෝගීන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ මානසික පීඩාවන් සහ ළතැවුල් දුරු කිරීමද ‘සහනය’ සැලසීමකි.