එදා සිට... අද දක්වා

ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමා

ශ්‍රී ලංකාවේ සෙනේට් මණ්ඩලයේ සභාපති (1955 – 1961)

‘‘සියලූ සත්වයන් වෙත මෛත්‍රීය (මෙත්තා), දයා කරුණා ගුණය (කරුණා), අනුන්ගේ ජයග‍්‍රහණයේදී සතුටු වීම (මුදිතා) සහ මැදිහත් සිතින්යුතු වීම (උපේක්ඛා) යන ගුණාංග ඔහු සතු විය’’.

කළුතර නීතිඥ මණ්ඩලයේ කීර්තිමත් නීති වෘත්තිකයකු මෙන්ම විශිෂ්ට මානවහිතවාදියකුද වූ අධිනීතිඥ, රජයේ නීතිඥ සහ ප්‍රසිද්ධ නොතාරිස් ශී්‍රමත් සිරිල් ද සොයිසා මැතිතුමන්ගේ පුරෝගාමී කාර්යභාරය මඟින් 1951 වසරේදී කළුතර බෝධි භාරකාර අරමුදල පිහිටුවනු ලැබීය.

මෙහිදී ශ්‍රීමත් සිරිල් විසින් කළුතර බෝධි භාරකාර අරමුදල පිහිටුවීමට මහත් උද්‍යෝගයෙන් යුතුව කැපවූ තවත් විශිෂ්ට නීතිඥවරුන් හය දෙනෙකුගේ සහාය ලබාගන්නා ලදී. ඔහු විසින් සභාපති ධූරය ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මැතිතුමන් වෙත පිරිනමන ලද අතර සෙසු ආරම්භක භාරකරුවන් ලෙස රාජ නීතිඥ හේමා බස්නායක මහතා (පසු කලෙක ඔහු අග විනිසුරු තනතුරට පත් විය), ශ්‍රීමත් සිරිල්ගේ බාල සොහොයුරු මෙන්ම විශිෂ්ට ගණයේ අධිනීතිඥයකු වූ වී. ටී. ද සොයිසා මහතා, පී. එෆ්. ඒ. ගුණතිලක මහතා, විල්සන් ද සිල්වා මහතා, එච්. ඒ. ද ආබෘෘ මහතා සහ වී. එල්. විෙජ්මාන්න මහතා කටයුතු කළහ. මෙම භාරකාර අරමුදල පිහිටුවීම මඟින් එදා සිට මේ දක්වා කි්‍රයාත්මක වෙමින් පවතින අඛණ්ඩ සහ සුවිසල් මනුසත් මෙහෙවර සඳහා මාවත සැකසිණි.

මුල් කාලයේදී කළුතර කලාපයට පමණක් සීමා වී පැවැති වැඩ කටයුතු පසු කලෙක මානව හිතවාදී සහයෝගය ඔස්සේ ව්‍යාප්ත වෙමින් මේ වන විට රට පුරාම විහිදී ඇත. බෞද්ධ මූලධර්ම මත පදනම්ව, නමින්ම කියැවෙන පරිදි, අති පූජනීය ඓතිහාසික කළුතර බෝ සමිඳුන්ගේ ආරක්ෂාව සහ ආනුභාවය සැලසීම මූලික අරමුණ කරගත් කළුතර බෝධිභාරකාර අරමුදලේ දැක්ම වනුයේ උදව් උපකාර ලබාදීම සඳහා යොදාගැනෙන එකම ක‍්‍රමවේදය ලෙස ‘‘අවශ්‍යතාව’’ පදනම් කරගනිමින් සියලූ ජාති, කුල සහ තරාතිරම් යනාදියට අයත් ජනතාවට සේවය සැලසීමය.

කළුතර බෝධි භාරකාර අරමුදල ලාභ ලැබීම සඳහා කටයුතු නොකරන සංවිධානයක් වන අතර, එහි සුවිශේෂත්වය වන්නේ විවිධ සම්පත් සමුදායකින් සහ පුළුල් බෙදාහැරීම් ජාලයකින් සමන්විත වීමය.

සේවය සැලසීම සහ සවිබලගැන්වීම

කළුතර බෝධි භාරකාර අරමුදල ඔස්සේ අප විසින් ඉටු කරනු ලබන, ජන සමාජයන් වෙත සේවය සැලසීම සහ සවිබලගැන්වීම සමාජයීය, අධ්‍යාපනික සහ සෞඛ්‍යමය යනාදී ලෙස පුළුල් වශයෙන් අංශ තුනකින් සිදු කෙරෙයි. අප විසින් අපගේ කි‍්‍රයාකාරකම් ‘‘සේවය සැලසීම සහ සවිබලගැන්වීම’’ යන පොදු හැඳින්වීමක් යටතට ගෙන එනු ලබන්නේ එමඟින් කළුතර බෝධි භාරකාර අරමුදලෙහි අභිමතාර්ථයන් සහ අපේක්ෂාවන් වඩාත් පූර්ණ ආකාරයෙන් විස්තර කෙරෙන බැවිනි. එමඟින් සිදු කෙරෙන්නේ තිරසාර සංවර්ධනය අත්පත් කරගැනීම සඳහා ජනගහනයේ අඩු වරප‍්‍රසාදලාභී පිරිස් වෙත සේවය සැලසීම සහ උදව් උපකාර අවශ්‍ය අංශ සවිබලගැන්වීම යන සුවිසල් අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා දුගී දුප්පත්කම තුරන් කිරීම සහ මානව දයාවෙන් යුතුව සහාය සැලසීම යනාදියෙන් ඔබ්බට යමින් කටයුතු කිරීමය.
වෙසක් රැයක ආලෝකමත් කර ඇති චෛත්‍යය. මේ පහන් එළි මඟින්දැල්වෙන ආලෝකයෙන් සංකේතවත් වන්නේ බුදුරජාණන් වහන්සේ විසින් මෙලොව සත වෙත දැල්වූ ධර්ම ප‍්‍රදීපයයි.